BREAKING NEWSEXCLUSIVE
නුවරඑලියේ වෛද්‍යවරුන්ගෙන් ලොවටම ආර්ශයක් – ඔහුන්ගේ දිනක වැටුප Covid19 සෞඛ්‍යය සහ සමාජ සංරක්ෂණ අරමුදලට බැර කෙරේ!

රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයට අනුයුක්ත නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම වෛද්‍යවරුන් ඔහුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍යය සහ සමාජ සංරක්ෂණ අරමුදලට බැර කෙරේ.
රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයට අනුයුක්ත නුවරඑලිය දිස්ත්‍රික් ශාඛාව යටතේ සමාජිකත්වය දරන සියළුම වෛද්‍යවරුන්ගේ එක් දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍යය සහ සමාජ සංරක්ෂන අරමුදලට බැර කල බව එම ශාඛාවේ ලේකම් වෛද්‍යය හර්ෂ ජයවර්ධන මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් හර්ෂ ජයවර්ධන මහතා කියා සිටියේ තම ශාඛාවේ සියළුම සමාජිකයන්ගේ කැමැත්ත මත මෙම තිරණය ගත් බවත්, මේ වන විට සියළුම සමාජික වෛද්‍යවරුන් දිනක වැටුප එම අරමුදලට බැර කර ඇති බවයි.