BREAKING NEWSPOLITICS
නීතිය බෙල්ල ලඟටම එද්දී – රාජිත රටින් පැනයාමේ සැළසුමක්

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා රටින් පිටවීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.
අසනීප තත්ත්වයක් යැයි කියමින් ඔහු විදෙස් ගත වීමට සූදානම් වන්නේ ඔහුගේ සෘජු සම්බන්ධයක් ඇති ආන්දෝලනාත්මක සිදුවීම් ගැන සිදු කරන පරීක්ෂණ හේතුවෙන් යයිද සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කළහ.
රාජිත සේනාරත්න වැනි තුච්ච, නිහීන, අධම පාදඩයන්ට මෙරට දේශපාලනයේ තවදුරටත් සිටීමට ඉඩ නොදිය යුතු බවද එහිමියෝ පැවසූහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.