BREAKING NEWSEXCLUSIVE
නාවික හමුදාවේ කොරෝනා පොකුරත් තවත් සතියකින් අවසන්

නාවික හමුදාව ආශි‍්‍රතව මතුව තිබෙන කොරෝනා ආසාදිත පොකුර තවත් සතියකින් පමණ අවසන් වනු ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියාසිටියේ විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් බිහි වී ඇති කොරෝනා ආසාදිත පොකුර පමණක් දැන් ඇති බවයි.
සමාජය තුළින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් මතු නොවීමට අවශ්‍ය සියළු විධිවිධාන මේ වනවිටත් යොදා ඇති බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කළේ අගෝස්තු මස පළමු වනදා තෙක් විධිමත් ක්‍රමවේදයක් යටතේ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින 18,000 ක් පමණ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.