දෙමව්පියන් විරුද්ධ වූ නිසා පාසල් පෙම්වතුන් දෙමව්පියන් ඉදිරිපිටදීම මහවැලි ගඟට පැන සිය දිවි නසා ගනී

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.
ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්රරදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔවුන් ඊට පෙර දින සිට නිවසෙන් අතුරුදන් වී සිට ඇති අතර,ඒ බව දෙමව්පියන් විසින් පොලිසියද දැනුවත් කර ඇත.සදුදා(07) දින අළුයම පොල්ගොල්ල නවයාලතැන්න පාලම අසල සිටින බවට දෙමව්පියන්ට ලැබුන තොරතුරක් මත එදින උදෑසන 05.00ට පමන ඔවුන් එහි ගොස් ඇති අතර,ඔවුන් යලි පැමිනෙන ලෙස හඩගසද්දී ඔවුන් දෙදනා පාලම දෙසට ගොස් වැළදගනිමින් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි හානිකරගෙන ඇත.දෙදනාගෙ දේහයන් ප්රදේශයේවාසීන් සහ පොලිසිය නාවික හමුදාව එක්ව ගොඩ ගැනීමට කටයුතු කර ඇත.ඒවන විටත් මියගොස් සිටි බව සඳහන්, කටුගස්තොට පොලීසිය විසින් මේ පිළිඹද වැඩිදුර පරීක්ෂණ පවත්වයි..