BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
දිවයින පුරා සියළු පාසල් සහ අධ්‍යාපන ආයතන සතියකට වසා දැමේ

පවතින කොරෝනා තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත්, සියලු පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේ සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිලිව මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
රට තුළ පවතින වර්තමාන කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, සිසුන් , ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගන්නා බවයි.ඒ ඒ ප්‍රදේශ මට්ටමින් පවතින තත්ත්වය පිළිබඳ වාර්තා කිරීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙන අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ එම කටයුතු අධීක්ෂණය වෙනවා.