BREAKING NEWS

දිනකට PCR පරීක්ෂණ 1000 ක් කළ හැකි පරික්ෂානාගාරයක් මුල්ලේරියාවේ ඉදි කෙරේ – ඊයේ දිනයේදී පරීක්ෂණ 1142ක්

ඊයේ (23) දිනයේදී PCR පරීක්ෂණ 1142ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. මිට පෙර එය දිනකට 700 පමණ සිමාවේ තිබු බවයි ඔහු සඳහන් කර සිටියා. මේ වන විට දිනකට සිදුකරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

එමෙන්ම ආසියා සංවර්ධන බැංකුවේ ආධාරයෙන් මුල්ලේරියාවේ පරීක්ෂණාගාරයක් ඉදි කෙරෙමින් පවතින බවත් එහි ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවසන් වී ඇති බවත් ඉදිරියේදී එම පරීක්ෂණාගාරය වැඩකටයුතු ආරම්භ කිරීමත් සමග දිනකට එහිදී පමණක් PCR පරීක්ෂණ සිදුකළ හැකි බවයි විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

ඊට අමතරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මෙරට විශ්ව විද්‍යාල සතුව ඇති PCR යන්ත්‍ර කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා ගැනීමට පියවර ගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම පරීක්ෂණ සිදුකිරීමට යොදා ගන්නා සොබ්ස් මෙරටදීම නිපදවීම සඳහා කටයුතු ආරම්භ කරන බවත්, ඒ සඳහා නියමිත අනුමැතිය අද දිනයේදී ලැබීමට නියමිත බවද කියා සිටියා.

එමෙන්ම රජයේ රෝහල්වල සිදුකරනු ලබන සායන සහ ශල්‍යකර්ම යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍ර ලේඛයක් අද දිනයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් තමන් නිකුත් කළ බවත් ඒ අනුව අදාළ රෝහල් අධ්‍යක්ෂකවරුන් සහ විශේෂ වෛද්‍යවරුන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බව ඔහු මෙහිදී කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button