BREAKING NEWSEXCLUSIVE
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් නඩත්තු සේවකයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් එහි නඩත්තු කටයුතුවල නිරත වූ සේවකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 30 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ සේවකයින් දෙදෙනා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අධිවේගී මාර්ගයේ යකඩ වැට ප්රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.
අදාළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.