BREAKING NEWSPOLITICS

“ජනතාව මට ආදරෙයි,මහමැතිවරණයෙන් තුනෙන් දෙකක් මට ලැබෙනවා” මට නව ජනපතිගෙ දෑත් ශක්තිමත් කරන්න පුලුවන් – මෛත්‍රීපාල සිරිසේන

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ සති අන්න ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් තරග වදින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව පුළුල් සන්ධානය යටතේ බව ද ඔහු සඳහන් කර ඇත.

පිනට පාර්ලිමේන්තු යාමට තමන් කැමති නැති බවද පවසා ඇති සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන බවට කියයි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉතා හොදින් රට පාලනය වන බවද පවසන සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයේදී මෙන්ම තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දීමට කැප වුණු බව ද සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button