BREAKING NEWSPOLITICS

ජනතාවගේ පෝෂණය, දුගී ජනතාව නගා සිටුවීමට, සරත් වීරසේකරගෙන් සැලසුම්

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ පරිපාලන මට්ටමින් ආවරණය කොට, සියලුම වෙහෙර විහාර සහ පාසල් ඇසුරින් ද හැකි තාක් තොරතුරු ගෙන, මන්දපෝෂණය ට ලක්ව ඇති දරු දැරියන්, පිළිකා වැනි විශේෂ අසනීප තත්වයන් වෙත ගොදුරු වූ සාමාජිකයන් ඇති පවුල් වෙනුවෙන් අපගේ විශේෂ අවධානය යොමු කරමු. ඔවුන්ගේ ආදායම් මට්ටම සලකා බලා, අවශ්‍ය පෝෂණ මල්ලක් ලබා දීමේ ජාතික ව්‍යාපෘති, පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාපෘති සමග සම්බන්ධීකරණ සහ පසු විපරම් කටයුතු සිදු කරමි.

සමෘද්ධි වැනි සමාජ සුභසාධන ව්‍යාපෘති කොළඹ දිස්ත්‍රික්කය තුල සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ මැති ඇමතිවරුන්ට උපරිම සහයෝගය අවංකව ලබා දෙමි. පුණ්‍ය කටයුතු වලට ලැදි ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහය ලබාගෙන දුප්පත් අසරණ ජනතාවගේ ආර්ථික සහ සාමාජික දියුණුව වෙනුවෙන් දයා කරුණාවේ හස්තය දිගු කෙරෙණ සුභසාධන සහ දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමි.

තෙරුවන් සරණයි!
මම- සරත් වීරසේකර.

https://www.facebook.com/ReAdSarath/videos/576523246355378/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button