BREAKING NEWSPOLITICS

චම්පික ඇප මත මුදාහරී – කොන්දේසි මෙන්න

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය.

2016 වසරේදී රාජගිරියේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අද යලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.

රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ සෑම මසකම අවසන් ඉරිදා පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button