BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගෝඨාභය රාජපක්ෂ කොරෝනා පාලනය කලේ දේශපාලන වාසි ගන්න- හිටපු ඇමති සුජීව සේනසිංහ

එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගය බිහි වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සමගි ජන බලවේගය ජයග්‍රහනය කිරීමෙන් පසුව බව එම පක්ෂ අපේක්ෂක සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා තවමත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවත් ඔහු සමග සිටින පිරිස තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බවත් ඔහු සඳහන් කළේය.තමන් තරඟ වදින නව සන්ධානය බිහි කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් බවද පවසන ඔහු මැතිවරණයට තරග කළ පමණින් පක්ෂයෙන් ඉවත් කිරීමට සිදු කිරීම කළ නොහැකි බව ද කියයි.

තවද ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා කොරෝනා පාලනයට කටයුතු කිරිම, මහමැතිවරණයේදි දේශපාලන වෙිදිකාව තුල ආන්ඩුව ලබාගත් ජයග්‍රහනයක් ලෙස හුවාදක්වමින් දේශපාලන වාසි ලබාගැනිම අරඹයා කරන ලද්දක් බවත්,මහමැතිවරණ වේදිකාව තුල එය ප්‍රචාරයට සුදානම්වන බවද ඔහු විසින් කඩුවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button