BREAKING NEWSEXCLUSIVEPOLITICS
“ගමේ එකා හතේ මහත්තයා මතකයි නේද? මේ පාර ගහනවා වාර්තාගත ගැහිල්ලක්” මෛත්රීපාල සිරිසේන

මෙවර මහමැතිවරණය සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුනෙන් පොළොන්නරුවට තරග වදින මෛත්රීපාල සිරිසේන මහතා මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් ප්රකාශ කර සිටියේ, තමා අනිවාර්යයෙන්ම විශිෂ්ඨ ලෙස ජය ගන්නා බවයි.
“උදේ කීයටද ඔයාලා යන්නෙ උදේම යන්න කීයටද යන්නේ,මාස්ක් දාගෙන හිටියට වැඩක් නෑ කතා කරන්න, මට පොඩි සපෝට් එකක් දෙනවා නේද?කීයටද යන්නේ උදේ 7ටද? හතමයි නේ ඇයි හතම 10 කියන්න තිබුනා නේ, ඔව් හත මතකයි නේද, එක එක්කෙනා අරවා දෙන්නම් මේවා දෙන්නම්, අරෙහෙමයි මෙහෙමයි කියාවි තුට්ටුවකටවත් ගනන් ගන්න එපා තඹ සතේකට ගනන් ගන්න එපා. ඔයාලා උදේ හතට ගිහින් ජන්දෙ දෙද්දි, මම ගමේ එකා හතේ මහත්තයා,ගමේ එක්කෙනා දිනවන්න.හතේ මහත්තයා ගහනවා ගැහිල්ලක් ගහන්නෙ එසේ මෙසේ ගැහිල්ලක් නෙමේ මැරතන් එකක් වගේ වාර්තාගත ගැහිල්ලක්” බවද හිටපු ජනාධිපතිවරයා රැස්වීම අමතමින් වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.