BREAKING NEWSEXCLUSIVE

කොළඹ අවසන් කොරෝනා පොකුරු දෙකත් වේ – කෙසෙල්වත්තත් විවෘත වේ – දැන් කොරෝනා වැලිසර කදවුර තුල පමණයි!

කොළඹ 12 බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාබරේ මාවත යන ප්‍රදේශවලින් මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

එනිසා දින කිහිපයක් ඇතුළත එම ප්‍රදේශයද විවෘත කිරීමට හැකි වනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළේය.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිපුර හඳුනා ගැනෙන්නේ නාවික හමුදාවේ වැලිසර කදවුර ආශ්‍රිතව බවද ඔහු සඳහන් කළේය.

මේ තත්වය මත මෙරට සක‍්‍රිවය පවතින එකම කොරෝනා පොකුර වැලිසර නාවික හමුදා කඳවුර බවට පත්ව ඇත.

බණ්ඩාරනායකපුර හා දාබරේ මාවත ද සම්පූරුණයෙන්ම පාහේ නිෂ්ක්‍රීය වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button