BREAKING NEWSPOLITICS

කොරෝනා – සටනට ඉන්දීය ජනපති, අගමැති සහ මැති ඇමතිවරුන් වැටුප් කප්පාදු කරයි!

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනට සහයක් ලෙසින් ඉදිරි වසරේ සිය වැටුප් සියයට 30කින් කපා හැරීමට ඉන්දීය ජනපති, අගමැති සහ අනෙකුත් මැති ඇමතිවරුන් එකඟත්වය පළ කර තිබෙනවා.

නවදිල්ලියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ බව ප්‍රකාශයට පත් කෙරුණු අතර එරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ද සිය වැටුපෙන් සියයට 30ක් කොරෝනා වෛරසයට එරෙහි සටනට කැප කිරීමට එකඟ වී ඇති බව සඳහන්.

මීට අමතරව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි වසර 2 සඳහා ලබාදෙන රුපියල් කෝටි 7900ක සංවර්ධන මූල්‍ය ප්‍රතිපාදන ද අත්හිටුවීමට ඉන්දීය අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button