BREAKING NEWSEXCLUSIVE

කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් යෑමේ අවධානමක.

ජපානය කොරෝනා ආසාදනය පාලනය කිරීමට හදිසි පියවර ගැනීම ආරම්භ කිරීමට ගත් තීරණයත් සමඟ,2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල කල් දැමීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතිනවා.ජපානයේ පමනක් කොරෝනා වෛරසය ආසාධිතයින් 200කට වැඩි පිරිසක් හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ජපානය චීනය සහ කොරියාව පුරා මෙම වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එම රටවල් දැඩි අවධානමකට ලක්ව තිබෙනවා

 

චීනය හැරුන විට දකුණු කොරියාවේ සහ ඉතාලියේ කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එම රට වල උත්සව රැසක් අත් හිටුවීමට එරටවල බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදනය ගෝලීය ව්‍යාප්තිය කරා එළඹෙමින් තිබෙන බවට ලෝක සෞඛ්‍ය බළධාරීහු දැඩි ලෙස අනතුරු අඟවා තිබෙන පසුබිමකයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button