BREAKING NEWSEXCLUSIVE
කොරෝනා මැඩලීමට, හෙළ වෙදදුරන්ගේ සහය සහ දේශීය හෙළ දැනුම යොදා ගැනීමට සුදානම්!

නව කොරෝනා වෛරසය සදහා දේශීය ඖෂධ ක්‍රම යොදාගත හැකි දැයි විශේෂ සාකච්ඡාවක් කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී සිදුකර තිබෙනවා.
මෙහිදී හෙළ වෙදදුරන් මෙන්ම දේශීය හෙළ දැනුම් පද්ධතියෙන් කොරොනා මඩින ජාතික සටනට සහය ලබා ගැනීමට නියමිතයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ඉදිරියේදී ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා තවදුරටත් දැඩි පියවර ගතයුතු බවයි.
නිසි ඇගයීමකින් තොරව ශී‍්‍ර ලංකාව තුළ කිසිදු ප්‍රදේශයක් අවදානම් රහිත ප්‍රදේශ ලෙස නම් කළ නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.