GOSSIP NEWSVIRAL NEWS

කොන්දේසිවලට එකග නොවනු. අගමැතිකම බලා සිටි ප‍්‍රබලයෙකුගෙන් බලපෑම්. සජිත් පිල යලි අවුලේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එකගවිය යුතු කොන්දේසි සඳහා සජිත් ප්‍රේමදාස මහතාට එකඟ නොවන්නැයි බල කරමින් සිටින පිරිසක් එම පාර්ශ්වයේ සිටින බව අගමැති පාර්ශවයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් එම පාර්ශවයට හිතවාදී මාධ්‍ය වාර්තා කර ඇත.

ඒවායේ සඳහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර අගමැති වීමට බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයන් විසින් මෙම කටයුත්ත සිදු කරමින් ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට නම් ‍ප‍්‍රධාන වශයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් අගමැති ලෙස පත්කර ගැනීම, විධායක ජනාධිපති ධූරය මාස හයක් තුළ අහෝසි කිරීම, බලය බෙදීම එම කොන්දේසි වේ.

ඒවාට එකග වන්නේ නම් අද දිනයේ එකී ලිඛිත ගිවිසුම් වලට අත්සන් තැබීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button