BREAKING NEWSEXCLUSIVE
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.
රෝහල් පාලන අධිකාරියේ ප්රකාශකයෙකු කියා සිටියේ ඊයේ දිනයේ හදිසි අනතුරු ප්රතිකාර ඒකකය විෂබිජහරණයට ද පියවර ගෙන ඇති බවයි.
මෙලෙස හමුවූ ආසාධිතයා සියඹලාගස්කොටුව ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මිට පෙර කුරුණෑගල දිස්ත්රික්කයෙන් කොරෝනා ආසාධිත රෝගියා හමුවූ කටුපොත ප්රදේශයට ආසන්න ප්රදේශයක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.