BREAKING NEWSPOLITICS
කුමාර වෙල්ගම විකල්ප තීරණයකට සුදානම්

කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය සමයේ කතාබහට ලක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අදහස් දැක්වීම නිසාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි වෙල්ගම මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙසින් නම් කළ පසුව පොදුජන පෙරමුණෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියා.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීරණයක් ගතහොත් තමන් විකල්ප කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (30) දිනයේ රැස්වීමට නියමිතයි.
එහිදී ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදෙනවාද? නැද්ද? යන්න අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.