BREAKING NEWSCRICKETEXCLUSIVEPOLITICSSPORTS
ක්‍රීඩකයින් සම්බන්ධ නැති බවට ඇමතිවරයා ප්‍රකාශ කරන නිසා අදහස් දක්වන්නෙ නෑ – මුරලිදරන්

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟ පාවාදීමක් ගැන සැක සහිත බවට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කරන චෝදනාවේදී අදාල තරග පාවා දීමට ක්‍රීඩකයන් සම්බන්ධ නැති බවට හිටපු ඇමැතිවරයා පැහැදිලිව පවසා ඇති නිසා තමන් ඒ සම්බන්ධයෙන් අදහස් පල නොකරන බවට හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
කෙසේ නමුත් එවකට පැවති තේරීම් කමිටුව මෙන් ම අද දක්වා පවතින තේරීම් කමිටු විසින් තෝරන කණ්ඩායම ක්‍රීඩා කිරීම සාමාන්‍ය දෙයක් බවත්, තමන් වසර විස්සක් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති බවත් කිසිවෙකු සම්බන්ධයෙන් හෝ කිසිඳු තීරණයක් සම්බන්ධයෙන් තමන් විවේචන ඉදිරිපත් කර නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.