EXCLUSIVE

කරාපිටියේ දී මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව සිදුකිරීමට නියෝග

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය සිව්දරුපියකුගේ හදිසිමරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මියගිය පුද්ගලයාගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලාවට අනුව පැය 24ක් ඇතුළත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ආදාහනය සිදුකරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම සිව්දරු පියගේ පුත්‍රයකු කොරියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්වු අයෙකි.

පසුව කළ පරික්ෂණයක දි ඔහුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා.

මොහු පියා බැලිම සඳහා රෝහලට පැමිණ ඇති අතර මේ නිසා මීට පෙර පියා ද කොරෝනා පරීක්ෂණයකට ලක්කරණු ලැබුවා.

එම පරීක්ෂණයේ දී පියාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරුව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ ඛේට හා සෙම් සාම්පල පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි. පෙරේරා විසින් ලබාගෙන හදිසි මරණ පරීක්ෂකවරයා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමඟ සාකච්ඡා කර ඔහුගේ උපදෙස් මත ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට අනුකූලව පැය 24ක් ඇතුළත දඩැල්ල ආදාහනාගාරයේ දී අද (10) පෙරවරුවේ ආදාහනය කිරීමට නියෝග කළ බව හදිසි මරණ පරීක්ෂක මහෙෂ් ධර්මරත්න පවසනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ 37 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම සිව්දරු පියා ඊයේ (08) මියගොස් තිබෙනවා.

ඔහු 72 හැවිරිදිවියේ පසුවන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා අංශභාග රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා අයෙකුවන අතර අංශභාග රෝගය උත්සන්න වී මොලයේ ඇති වූ ලේ ගැලීමකින් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button