BREAKING NEWSEXCLUSIVE
කන්දකාඩුහි ඇතිව තිබෙනා තත්වය වැලිසර කදවුරට සමානයි – අනිල් ජාසිංහ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන ආසාධිත පොකුරෙන් සමාජ සම්පේ‍්‍රශණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
මෙම කදවුර තුල ඇතිවී තිබෙන තත්වය වැලිසර නාවික හමුදා කඳවුරේ ඇති වූවාට වඩා ප්‍රබලත්වයෙන් අඩු එකක් බවද ඔහු පැවසීය. මේ වන විටත් එමගින් සමාජ පැතිරීමක් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් මේ වනවිට පාලනය කළ තත්වයක් යටතේ ජනතාවට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ විශාල ලෙස නොතකමින් කටයුතු කරන බව පෙනී යන බවද ඔහු පැවසීය.
සමාජය තුළ රෝගය පැවතිය හැකි බැවින් එයින් ආරක්ෂා වීම සඳහා සියලු දෙනාම දෙනා මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය රැකීම, නිතර අත් සේදීම යන ප්‍රධාන කාරණා තුන අනිවාර්යෙන්ම පිලිපැදිය යුතු බවද ඔහු සඳහන් කළේය.