BREAKING NEWSPOLITICS
එජාපය ජනමතයට එරෙහි වෙයි?.. නව ආණ්ඩුව පෙරලා දැමීමේ අවදානමක්..

විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ කණ්ඩායම විසින් වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
දැනට පවතින ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බවත් බහුතරය ඇත්තේ විපක්ෂ බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
එනමුත් මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය සහයෝගය නොදැන නිසා සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වූ බව ද ඔහු පැවසීය.
ආණ්ඩුව පෙරළා දැමීමේ අවදානමක් දරමින් මෙම ආණ්ඩුව පිහිටුවීමට සිදුවූයේ නව ජනවරමක් වෙනුවෙන් මැතිවරණයක් පවත්වන තෙක් පමණක් යයි මන්ත්රීවරයා කියා සිටියේය.