BREAKING NEWSPOLITICS

උතුරේ කොටි අවතාර සැඟවෙයි – මෙවර මහවිරු සමරු සද්ද නැතිව අකුලාගනී..

යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් සමරමින් වාර්ෂිකව උතුරේ පවත්වනු ලබන මහ විරු සමරුව සදහා මෙවර සුදානමක් දක්නට නොමැති බව උතුරේ ආරංචි මාර්ග පවසයි.

වෙනදා ඒ සදහා කටයුතු සංවිධානය කරමින් සිටින දේශපාලඥයන් හෝ ඔහුගේ හිතවාදීන් මෙවර ඒ සඳහා කිසිදු සූදානමක නැති බවද කලින් තිබූ සූදානමද අතහැර දමා ඇතැයි වාර්තා වෙයි.

පෙර වසරවල්වල මෙම සැමරුම සඳහා සූදානම් වන්නැයි උතුරේ සියළු ප‍්‍රදේශවල පෝස්ටර් අලවමින් ජනතාව දැනුවත් කරමු නමුදු මෙවර එවන් කටයුතුද දක්නට නොලැබෙයි.

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇත්තේ මේ මස 26 වනදා වන අතර ඒ නිමිත්තෙන් වසර කිහිපයක් පුරාම උතුරේ සැමරුම් පැවැත්වුණි.

වසර කිහිපයක් තිස්සේ පැවති එම උත්සව කටයුතු මෙවර නොපැවැත්වීම විශේෂ සිද්ධියක් බව වාර්තාකරුවන් කියා සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button