BREAKING NEWS

ආර්ථික යුද්ධය ජය ගැනීමට ගෝඨාගෙන් සැළසුම්..රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් සියල්ල කපා හරී…

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපාහැරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙස රජය විසින් නව අමාත්‍යවරුන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව සියලූ වියදම් මනා කළමනාකරණයකින් යුතුව සිදුකරන ලෙසයි ජනාධිපති ලේකම් කාර්යාලය මෙම දැනුවත් කිරීම සිදුකර ඇත්තේ.

සියලූ අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල වියදම් පිළිබඳ නිසි සමාලෝචනයක් සිදුකළ යුතුයි.

කෙසේ වෙතත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරනු ලබන වියදම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් ඒවායේ අඩුපාඩු ඇත්නම් නිවැරදි කිරීමටත් උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර සියලූ රාජ්‍ය සේවකයන්ගේ විදෙස් සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාර ලේකම්වරුන්ට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

මෙම තීරණය තමන් යටතේ ඇති සියලූ රාජ්‍ය ආයතනවලට දැනුම්දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button