BREAKING NEWSPOLITICS
ආයතන සභාපති,අධ්යක්ෂක පත් කරන්න විද්වත් මණ්ඩලයක්..ඇමතිලට හිතුමනාපෙට බෑ.. ගෝඨා වැඩ අරඹයි

නව ඇමති මණ්ඩලය යටතේ රාජ්ය ආයතන වල සභාපති තනතුරු අධ්යක්ෂ මණ්ඩලයට පුද්ගලයන් පත් කරනු ලබන්නේ විද්වත් මණ්ඩලයකින් බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
යෝජිත නම් ජනාධිපති කාර්යාලය ඒවා අනුමත කරගත යුතු බවත් ඔහු සදහන් කලේය.
එමෙන්ම රජයේ රැකියා ලබා දීමේදී දුප්පත් පවුල් වල උගත් තරුණයන්ට ප්රමුඛතාවය ලබාදිය යුතු බවත් ඒවා රට පුරා බෙදී යන පරිදි ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ යටතේ සිදුකළ යුතු බව ඔහු පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය අමතමිනි.
නව ඇමතිවරුන් වංචා දූෂණ චෝදනාවලට ලක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.