BREAKING NEWSEXCLUSIVE
“ආණ්ඩුව හොදටම පිරිහිලා, එන ඡන්දෙන් පසු ලංකාවේ අගමැති මමයි” – සජිත් කියයි

ආණ්ඩුවට විරුද්ධව ජනමතයක් මේ වන විට රට තුල ගොඩනැගී ඇති බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ අපේක්ෂකයන්ටත් දැනුවත් කර ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසි පරිදි පාලනය කර ගැනීමට නොහැකි වීම මෙන්ම හිටපු ඇමති තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය පැවැත් වූ ආකාරය සම්බන්ධයෙන් රට තුළ අප්‍රසාදයක් ඇති වී තිබෙන බව ඔහු පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් ඉදිරි මැතිවරණය තම පක්ෂයට ජය ගත හැකි වනු ඇති බව ද නිසා එක්සත් ජාතික පක්ෂය සමග විශාල වශයෙන් ගැටුමකට නොයා ආණ්ඩුවට එරෙහිව මතයක් හැදිය යුතු බවද ඔහු පෙන්වා දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමන්ට අගමැතිවරයාද ලෙස සාර්ථකව කටයුතු කළ හැකි බව පෙන්වාදිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව ඉදිරි මැතිවරණ ව්‍යාපාරය ‘ගෝටා ජනපති-සජිත් අගමැති’ තේමාවෙන් සිදු කිරීමට ද එම පිරිස සාකච්චා කර ඇත.