BREAKING NEWS

ආචාර්ය වික්ටර් රත්නායකගේ වැඩිමහල් පුත් සංගීතවේදී ජයන්ත රත්නායක මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක අභාවාප්‍රාප්ත වෙයි

ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඒ මහතා මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවූණා

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.

අවසන් කටයුතු හෙට (7) සිදු කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button