GOSSIP NEWSVIRAL NEWS

අලුත්ම විදිහකට සිදුකරන පීරමීඩ ජාවාරමක්

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිට මෙහෙයවන හෝටල් පැකේජ් සම්බන්ධ අලුත් පීරමීඩ ජාවාරමක් ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

වසර ගණනක සිට විවිධ පීරමීඩ ජාවාරම් මෙහෙය වූ මෙම ජාවාරම්කරු හෝටල් පැකේජ් ලබාදෙන බව කියමින් අලුත්ම පිරමිඩ ජාවාරම තරුපහේ හෝටලයේ සිට කරගෙන යන බවයි හෙළි වී ඇත්තේ. මෙම මහා පරිමාණ ජාවාරම්කරු නැවතී සිටින හෝටලයේ කාමරයට ප්‍රභූවරුන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන්ද නිතර යන එන බව අනාවරණය වී තිබෙනවා.

යුරෝපය ඇතුළු විදේස් රටවල සිටින අයද වංචාවන්ට හසුවන අතර මෙම ජාවාරම සඳහා විවිධ තනතුරු හොබවන්නන්, නළු නිළියන්, කලාකරුවන් පවා එක් කරගනිමින් වංචාවට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු ජනතාව නොමග යවමින් සිටින බවත් අනුරාධපුර, කුරුණෑගල ඇතුළු ප්‍රදේශවල ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ද මෙම වංචාවට හසු වී ඇති බවද අනාවරණය වෙමින් තිබෙනවා .

හෝටල් පැකේජ ඇතුළු විවිධ වරප්‍රසාද පෙන්වා දෙමින් පවත්වාගෙන යන මෙම පිරමීඩ ජාවාරම රුපියල් දහඅට දහසක මුදලක් ගෙවා මෙම හෝටල් පැකේජ් සහිත පිරමිඩයක ආකාරයට කරගෙන යන බව අනාවරණය වී තිබෙනවා.

මෙම පිරමීඩ ජාවාරම නිසා ලක්ෂ ගණනින් මුදල් අහිමි වූ විශාල පිරිසක් සිටින බවද සදහන්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button