BREAKING NEWS

අරුගම්බේ ආරක්ෂා කරන්න අමෙරිකානු සහය

අරුගම් බොක්ක ප්‍රදේශය තිරසාර හරිත සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට එක්සත් ජනපද රජය සහය විමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID)විසින් අනුග්‍රහය දක්වන “අපද්‍රවය අඩු අරුගම් බේ” නම් වැඩසටහනක් මඟින් නියමිත ස්ථානවලදී නොමිලේ පානීය ජලය සැපයීම, ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය, සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කරයි.

අරුගම් බොක්කෙහි පමණක් 2019 අප්‍රේල් මාසයේ සිට දිනකට බොතල් 230,000 කට වැඩි ප්‍රමාණයක් ගොඩබෑමට හෝ සාගරයට එක් වීම වළක්වා තිබේ.

ශ්‍රී ලංකාව පුරා ඇති ජල පිරවුම්හල් 35 පිහිටි ස්ථාන පිළිබඳ විස්තර www.getwater.lk වෙබ් අඩවියෙන්
ලබා ගත හැකියි.

“ප්ලාස්ටික් අපද්‍රවය අවම කිරීම මගින් අනාගත පරපුර සඳහා ශ්‍රී ලංකාවේ සාගර හා ජල මාර්ගවල සුන්දරත්වය ආරක්ෂා කරනවා පමණක් නොව ජනතාවගේ ජීවනෝපායන් ආරක්ෂා කරන අතර දුෂ්කර කාලවලදී සංචාරක වයාපාරයද ප්‍රවර්ධනය කරයි” යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී.ටෙප්ලිට්ස් පැවසීය.

“එයින් අදහස් කරන්නේ ධීවරයින්ට හොඳින් මාලු අල්ලා ගත හැකි බවත්, ප්‍රජාවන්ට දේශීයව සාදන ලද ප්‍රතිචක්‍රීකරණය කළ භාණ්ඩ ලබා ගත හැකි බවත්, වඩාත්ම වැදගත් වන්නේ සංචාරකයින්ට නොකිලිටි මුහුදු වෙරළක විකනෝද විය හැකි බවත්ය”.

මෙම වැඩසටහන යටතේ වෙනත් අපද්‍රව්‍ය වලින් ප්ලාස්ටික් බෝතල් වෙන් කිරීම සඳහා,අරුගම් බොක්කේ ඇති දේශීය ව්‍යාපාරවලට බඳුන් ලබාදී ඇති අතර, සෑම දිනකම වාහනයකින් ප්ලාස්ටික් බෝතල් එකතු කර ප්‍රවාහනය කරනු ලැබේ.

ඒවා සියයට සියයක්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් පොලියෙස්ටර් නූල් බවට පත් කෙරේ.

මේ නිසා පොලියෙස්ටර් නිෂ්පාදන සඳහා අලුතෙන් ප්ලාස්ටික් අවශ්‍ය නොවේ.

මෙහිදී ප්‍රධාන වන්නේ ප්‍රජා සහභාගීත්වය හා අධයාපනයයි.

ප්ලාස්ටික් මගින් පරිසරයට හා මිනිස් සෞඛ්‍යයට සිදුවිය හැකි හානිය සහ අපද්‍රවය අවම කිරීමට උපකාරී වන ක්‍රම පිළිබඳව අමුත්තන් සහ ප්‍රදේශවාසීන් මේ මගින් අවබෝධයක් ලබා ගනී.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) නාගරික අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රවය නිසා සාගර පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button