BREAKING NEWSEXCLUSIVE

“අපි ආවේ යූ.කේ ඉදන්, අපි වී.අයි.පී” ආහාර, ඖෂධ නොමැතිව එංගලන්තයේ අසරණ වී සිටි රැගෙන ආ පිරිස් කටුනායකදී යකා නටයි

නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් ආහාර හා විශේෂයෙන්ම ඖෂධ හා රෝහල් පහසුකම් නොමැතිව එංගලන්තයේ අතරමං වී සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එංගලන්තයේ සියලූම රෝහල් හා අයි.සී.යූ පද්ධතියන්ගේ ප්‍රමුඛතාවය සුදු ජාතිකයන්ට ලබා දීම නිසා කොරෝනා අවදානම හේතුවෙන් සංක්‍රමණිකයන් එංගලන්තයේ අසරණ වුනා.

කොරෝනා හේතුවෙන් එංගලන්තයේ මිය ගිය බොහෝ දෙනෙක් සංක්‍රමණික ප්‍රජාව වූ අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර හා රෝහල් පහසුකම් හිමි නොවීම ඊට හේතුවයි.

ඒ හේතුවෙන් ජීවිත අවදානමෙන් එංගලන්තයේ සිරවී සිටි මෙම පුද්ගලයන් තමන් ශ්‍රී ලංකාවට කැඳවාගෙන එන්නැයි ආයාචනා කළා.

තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමිනුයි ඔවුන් කළහකාරීව හැසීරී තිබෙන්නේ.  එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් එංගලන්තයේ සිට පැමිණි අය බවත්, ඒ හේතුවෙන් තමන්ට විශේෂ සැලකිලි හා වරප්‍රසාද අවශ්‍ය බවත් ය.

ගුවන් තොටුපළේදි මෙම පිරිස ඔවුන්ට සිංහල භාෂාවෙන් නිරෝධායන උපදෙස් ලබා දුන් යුධ හමුදා සෙබලෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් අදාල නීති පැහැදිලි කරන ලෙසට බැන වැදී ඇති බවද වාර්තා වෙනවා.

ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 208 දෙනෙකු එංගලන්තයේ සිට අද අළුයම මෙලෙස මව්බිමට පැමිණියා. පළමුව ඔවුන් සියලූ දෙනා සහ ඔවුන්ගේ ගමන් මලූ ද ගුවන් තොටුපොළේදීම විෂබීජහරණය කෙරුණූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අනතුරුව ඔවුන් බස් රථ මගින් නිරෝධායනය සඳහා රැගෙන යාමට කටයුතු කෙරුණා.

මෙම කණ්ඩායමේ වැඩි දෙනෙකු නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මීගමුව ජෙට්වින්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට‍්‍රස් යන හෝටල්වලටයි. දිනකට රුපියල් 7,500ක් බැගින් වන පරිදි මුදල් පෞද්ගලිකව ගෙවා නිිරෝධායනය වීමට පහසුකම් සපයා දී තිබෙනවා.

මීගමුව ජෙට්වින් හෝටලයට පිරිම් පුද්ගලයින් 44 දෙනෙකු, කාන්තාවන් 47 දෙනෙකු සහ ළමයින් 03 දෙනෙක් රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත වර්තා වුණේ. තවත් කිහිපදෙනෙකු මීගමුව ඩොල්ෆින් හෝටලයට රැගෙන විත් තිබෙනවා.

නිරෝධායනය සඳහා වස්කඩුව සිට‍්‍රස් හෝටලයට රැගෙන ගිය පිරිස 62ක්. පිරිමි පුද්ගලයින් 33ක් සහ කාන්තාවන් 29 ක් ඒ අතර වනවා.

සෙසු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ දියගම තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයටයි. පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු සහ ළමයින් 04 දෙනෙකු ඒ අතර වනවා.

මේ අතර නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව එංගලන්තයේ අතරමං වී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ තවත් විශේෂ යානයක් අද අළුයම පිටත්ව ගියා. හෙට දිනයේද එවැනි තවත් විශේෂ යානයක් එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button