BREAKING NEWSEXCLUSIVEPOLITICS

අනුන් මත යැපුණු ආර්ථිකය අවසන්, අලුත් ශ්‍රී ලංකාවකට සියල්ල සූදානම් – ජනපති අධීක්ෂණයෙන්, ඉතිහාසය වෙනස් කරන ආර්ථික සැලසුම් සැකසෙයි!

කොවිඞ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා අවශ්‍යතාවක්ව පවතින ආරක්ෂිත ඇඟලූ‍ම් සඳහා තිබෙන ඉල්ලූ‍මට සරිලන නිෂ්පාදනයක් ශ‍්‍රී ලංකාව තුළ කළ හැකිද යන්න පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ් ආයතනයේ) නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය පෙරේදා (15) හමුවූ අවස්ථාවේදී සාකච්ඡුා වී ඇත.

නිෂ්පාදනය කෙරෙන ආරක්ෂිත ඇඟලූ‍ම් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් මිලදී ගැනීමටත්, නිෂ්පාදනවල ප‍්‍රමිතිය සහ තත්ත්වය සම්බන්ධයෙන් සහතිකපත් ලබාදීමේ ක‍්‍රමවේදයක් සැලසීමටත් ඉදිරි මාස තුන තුළ මෙම කාර්ය ඉටුකිරීමටත් ⁣මෙහිදී තීරණය වී තිබේ.

අත්‍යාවශ්‍ය සේවා වි⁣ශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡුාව පැවැත්වුණි .

එක්සත් ජාතීන්ගේ අරමුදලට සතියකට අත්වැසුම් මිලියනයක සහ මුඛ ආවරණ මිලියන 10ක අවශ්‍යතාවක් පවතින බවත් එම සැපයුම සතිපතා ශ‍්‍රී ලංකාවේ ඇඟලූ‍ම් ක්ෂේත‍්‍රයේ කර්මාන්තශාලා මගින් ඉටුකරගත හැකිද යන්න පිළිබඳවත් මෙහිදී මූලික වශ⁣යෙන් සාකච්ඡුා වී ඇත.

මෙම සාකච්ඡුාවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිත්‍ය නියෝජිත මොරාද් මොහිදීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර් යන මහත්වරු හා ඇඟලූ‍ම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියුතු දේශීය කර්මාන්තකරුවන් පිරිසක් ද සහභාගී වී ඇති අතර, මෙම සාකච්ඡුාව සඳහා ඩෙන්මාර්ක් හි කෝපන් හේගන් නුවර හා නේපාලයේ කත්මණ්ඩු නුවර සිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධවූ බව අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button