BREAKING NEWSEXCLUSIVE
අද ජා-ඇල සහ පුත්තලමෙන් සොයාගත් රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙක් ත්‍රී වීල් රියදුරෙක් !

අද දිනයේදී මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 176ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
අවසන් වශයෙන් හඳුනා ගනු ලැබූ රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන් ද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කරුණු පැහැදිලි කර සිටියා.
ඒ අනුව මෙලස හඳුනා ගෙන ඇති එක් රෝගියෙක් ජාඇල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් බවත් ඔහුට සමාජයේ සම්බන්ධකම් විශාල පිරිසක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරමින් අදාළ කරුණු අනාවරණය කරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
එමෙන්ම අනෙක් රෝගීයා පුත්තලම ප්‍රදේශයේ කාන්තාවක් බවත් ඒ අනුව ඇය සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් ගැන සොයා බලන බව වැඩිදුරටත් කියා සිටියා.
කොරෝනා රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ ඉකුත් කාල සීමාවට සාපේක්ෂව වැඩි කර ඇති බවයි මෙහිදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේ.